රෝසි නැවතත් කොළඹ පුරපති සටනට..!

January 22, 2023 at 8:10 pm | by emanisa.lk

රෝසි සේනානායක දෙවන වතාවටත් කොළඹ පුරපති ධූරය සඳහා තරඟ කිරීමට නාම යෝජනා භාර දී තිබේ.

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ අලියා ලකුණ යටතේ තරඟ වදින අතර රෝසි සේනානායක පුරපති අපේක්ෂිකාව වෙයි.

සමගි ජන බලවේගයෙන් මුජුබර් රහුමාන් ද ජාතික ජන බලවේගයෙන් රායි කැලී බල්තසාර් ද කොළඹ පුරපති පුටුව සඳහා තරඟ වදිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *