රුසියානු ගුවන් යානයෙන් ගුවන්තොටුපළත් ලොකු දඩ මුදලක් ඉල්ලයි..!

June 6, 2022 at 11:07 am | by emanisa.lk

කොළඹ වාණිජ අධිකරණ නියෝගයක් මත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි රඳවා ගෙන ඇති රුසියානු ඒරොෆ්ලොට් ගුවන් යානය සඳහා අතිරේඛ ගාස්තුවක් ද ගෙවීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි.

එම ගුවන් යානය පසුගිය 02 වෙනිදා සිට එළඹෙන 08 වෙනිදා නැවත අධිකරණ දිනය තෙක් ගුවන්තොටුපළෙහි රඳවා ගෙන තිබේ.

සියලු ගුවන් යානා එහි බර අනුව ටොන් එකක් සඳහා ඩොලර් 04ක් ගුවන්තොටුපළ සඳහා ගෙවිය යුතු අතර පැය තුනක් ගුවන් යානය කිසිදු අයකිරීමකින් තොරව යානය නවතා ගෙන සිටිය හැකිය.

කෙසේ වුව ද එම කාලයට පසු ගුවන් යානය ගුවන්තොටුපළෙහි නවතා ගෙන සිටින සෑම පැය 06ක් සඳහා ම පෙර සඳහන් කළ ගාස්තුවෙන් 10% බැගින් අතිරේඛ ගෙවීමක් සිදු කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *