රුවන්මැලි සෑ මළුව රාත්‍රීයට භාවනා කුටියක් වෙයි!

January 2, 2020 at 11:46 am | by emanisa.lk

අනුරාධපුර රුවන්මැලි සෑ මළුව දිනපතා දෙපැයක් සැදැහැවතුන්ට භාවනා කටයුතු සහ ආධ්‍යාත්මික ගවේෂණය සඳහා වෙන් කිරීමට තීන්දු කර තිබේ.

ඒ අනුව බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වන රුවන්මැලි සෑ මළුව දිනපතා රාත්‍රී 9 සිට රාත්‍රී 11 දක්වා ශබ්දවලින් තොර නිහඬ කලාපයක් කිරීමට රුවන්මැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමි තීරණය කර තිබේ.

ඒ අනුව මෙම කාලය තුළ බෞද්ධ බැතිමතුන්ට රුවන්මැලි සෑ මළුවේ කිසිදු හිරිහැරයකින් තොරව භාවනා කටයුතුවල නිරත විය හැකිය.

වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ද රුවන්මැලි සෑ මළුවේ මහරජ ගැමුණු පිළිරුව අභියසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *