රුපියල ඩොලරයට වඩා ශක්තිමත් වුණොත් ඇමරිකාව අපට බෝම්බ ගහයි…! – හඳුන්නෙත්ති…

March 15, 2023 at 8:43 am | by emanisa.lk

ඇමරිකානු ඩොලරයට වඩා ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී ඇත්නම් ඇමරිකාව ශ්‍රී ලංකාවට හොඳින් සිටින්නට ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“මේ තත්ත්වයට අවුරුද්දක් නෙවෙයි මොහොතක්වත් සහාය දෙන්න හොඳ නෑ. මොකද මේ බොරුවකට. ඔයා හිතනවාද රුපියල ඇමරිකාවට වඩා හොඳින් ශක්තිමත් වෙනවා නම් ඇමරිකාව අපට නිකම් ඉන්න දෙයි කියලා ? ඈ ? එහෙමනම් ඇමරිකාව අපට බෝම්බ ගහයි ! ඇමරිකාවෙ ඩොලර් එකට වඩා රුපියල ශක්තිමත් වෙනවායි කියලා.

ඕක හරියට ගත්තොත් අර අශූචි ගොඩක පරිප්පු ඇට හොයනවා වගේ වැඩක් නෙ. නේද ? මේක අශූචි ගොඩක් බව දැනගෙනම හැබැයි ඒගොල්ලො හොයනවා පරිප්පු ඇටයක් හරි තියෙයිද කියලා, අශූචි ගොඩ හොඳයි කියන්න. ඉතින් ශාන්ත බණ්ඩාරලා වෙන මොනවා කියන්නද ?

සුනිල් හඳුන්නෙත්ති මේ බව පැවසුවේ පසුගියදා ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *