රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න සල්ලි නෑ…! රනිල් ජනාධිපති කිරීම හැර විකල්පයක් නෑ…!

July 13, 2022 at 10:56 am | by emanisa.lk

පවතින වාතාවරණය හමුවේ මෙම මාසයේ රජයේ සේවකයන්ට නියමිත දිනට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇති වන බවවාර්තා වෙයි. වැටුප් ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කළ යුතු වන අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත යුතු වෙයි.

පවතින තත්ත්වය මත කැබිනට් රැස්වීමක් කැඳවිය හැකි ද යන්න ගැටලුවක් බවත් එම තත්ත්වය මග හරවාලීමට නම් කළ යුතු එකම දේ වන්නේ දින කිහිපයකට වැඩ බලන ජනාධිපතිවරයා වශයෙන් පත්වන රනිල් වික්‍රමසිංහ විසින් හදිසි කැබිනට් රැස්වීමක් කැඳවනු ලැබීම බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

හදිසි කැබිනට් රැස්වීමක් නොකැඳවුවහොත් මෙම මස 25 වැනිදාට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇතැයි ද හෙතෙම කීවේය.

මුදල් මුද්‍රණය කිරීමට නීතිමය අවකාශ සැලසෙන්නේ කැබිනට් තීරණය මුදල් මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව ය.

අතිකාල, නිවාඩු,ජීවන වියදම් වැනි සියලු දීමනා හැර වැටුප් සඳහා පමණක් මාසයකට අවශ්‍ය වන මුදල රුපියල් බිලියන විසි නවයක් පමණ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *