රනිල් හොරු රැල මැද්දට වැටුණු ගිරවා වගේ…!

August 23, 2022 at 3:16 pm | by emanisa.lk

අද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුව ඇත්තේ හොරු රැල පැත්තට වැටුණු ගිරවට සිදු වූ දේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

එදා තමන්ට නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ සහ අද රට කරවන රනිල් රාජපක්ෂ වී කටයුතු කරන ආකාරය ඉතා ම කනගාටුදායක බව ද හෙතෙම සඳහන් කළේය.

ත්‍රස්ත පනත යටතේ සිදුකර ඇති අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් අද ලෝකයම අපේ රට සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරන තැනට පත්ව ඇති බව ද හෙතෙම කීය.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ලොව පුරා රටවල් සහ සංවිධාන අපට අර්බුදයෙන් ගොඩඒමට උදව් කිරීමේ දී සලකා බලන්නේ එම රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස ආදිය බවයි.

එහෙත් මේ වන විට මුළු ලෝකය ම ලංකා ආණ්ඩුව අරගලකරුවන් මර්දනයට ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පළකර ඇති බව ද හර්ෂණ රාජකරුණා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *