රනිල් නැවත ජනාධිපති කිරීම අපේ බලාපොරොත්තුවයි…! – ප්‍රසන්න…

June 24, 2023 at 8:55 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වනු ඇතැයි ආණ්ඩුවේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

“පොහොට්ටුවේ කවුරුත් තාම කියලා නෑ ඊළඟ මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරනවා ද නැද්ද කියන ඒක අපි ප්‍රසිද්ධියේ කියන්නේ නෑ. හේතුව තාම ජනාධිපතිවරණයක් නම් කරලා නෑ. ජනාධිපතිවරණයක් නම් කරපු වෙලාවට අපි කියන්නම් අපේ අපේක්ෂකයා කවුද කියලා. එතුමා ගන්න සමහර තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි.

හැබැයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දු මත රට යම් ස්ථාවර මට්ටමකට රට පත් වෙලා තියෙනවා. අපේ ආණ්ඩුවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ගැන. අපි දන්නේ නෑ එතුමා තාම නිවේදනයක් කරලා නෑ. ජනාධිපතිවරණයක් තියෙනවා නම් එතුමා එනවා නම් අපිට කිසිම ගැටලුවක් නැහැ එතුමාට උදව් කරන්න.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ අපේක්ෂකත්වයට ඉදිරිපත්වන්නේ නම් ඔහුට සහාය පළ කිරීමට කිසිදු ගැටලුවක් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *