රනිල් කමිටුවක් දැම්මේ රිෂාඩ් රකින්න මිස සාධාරණ විමර්ශනයකට නෙමේ කියලා දන්න කාවින්ද ඉල්ලා අස්වුණා!

May 25, 2019 at 3:26 pm | by admin

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ සාකච්ඡා කිරීමට පත් කළ තේරීම්කාරක සභාවේ අටදෙනා අතරින් සරත් ෆොන්සේකා සහ කාවින්ද ජයවර්ධන යන දෙදෙනා හැර සෙසු සියලු දෙනා අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් මුණිවත රැකීම හෝ ඇමති රිෂාඩ් බදියුදීන් ප්‍රහාරයට සම්බන්ධ නැත යන පූර්ව නිගමනයේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ පවසයි.

කාවින්ද ජයවර්ධන මෙම කමිටුවට ඇතුළත් කළේ කතෝලික ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට නොව ඔහු දේශපාලන වශයෙන් බරපතළ අර්බුදයකට ඇද දැමීමට බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම කමිටුවෙන් කාවින්ද ජයවර්ධන ඉල්ලා අස්වන්නේ අගමැති රනිල් ප්‍රමුඛ කණ්ඩායම උත්සාහ කරන්නේ කමිටු දමා ඇමති රිෂාඩ් බදියුදීන් බේරා ගැනීමට මිස සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට නොවන බව අවබෝධ කරගැනීමෙන් නිසා යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස් වූ කාවින්ද වෙනුවට පත් කර ඇත්තේ මුස්ලිම් අන්තවාදයට සහයෝගය දක්වන බවට සහ එහි ආධාර ලද බවට චෝදනා එල්ල වන රාජිත සේනරාත්න සහ ජවිපෙ නලින්ද ජයතිස්සය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස