ජනාධිපතිතුමා දහ වතාවක් මට කතා කරලා අගමැතිකම භාරගන්න කීවා. කරු ජයසූරිය මහත්තයාට 14 වතාවක් අගමැතිකම භාරගන්න කීවා. මට ඒ වෙලාවේ බොහොම ලේසියෙන් 113ක බහුතරය හදා ගන්නත් තිබුණා. ඒත් අපි පාවා දීම් සිදු කරලා තනතුරු ගන්න ගියේ නැහැ. අපිට රැකගන්න හොඳ චරිතයක් තියෙනවා. ඒ නිසා අපි පක්ෂයවත් ජනතාවත් පාවා දීලා තනතුරු ගන්න ගියේ නැහැ යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවැසීය.
ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ ‘දඹරන්පුර’ උදා ගම්මානය ජනතා අයිතියට පැවරීමේ උත්සවයට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසුවේය.
414 total views, 1 views today