රත්තරන්ගේ ළමා අපචාර සිද්ධිය දේශපාලන කුමන්ත්‍රණයක්?

March 3, 2019 at 6:35 pm | by admin

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට එරෙහිව ළමා අපචාර චෝදනා එල්ල කිරීම පිටුපස දකුණු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සිටින බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්වූ මෙම මන්ත්‍රීවරයා අනතුරුව ශ්‍රීලනිපයට එක්ව මෑතක නැවතත් එජාපයට එකතු විය. මොහු කලක් රූපවාහිනි ආයතනයක සේවය කළ මාධ්‍යවේදියෙකි.

එළඹෙන මැතිවරණයක දී සිය පාර්ලිමේන්තු අසුන අහිමි වීමේ අවධානමක සිටින මේ මන්ත්‍රීවරයා තම දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා සිය ප්‍රතිවාදී පක්ෂයේ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පටලවා මෙම අමානුෂික කුමන්ත්‍රණය සිදු කර තිබේ.

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර තමන්ට ලිංගික අතවර කළ බවට පොලිසියට පැමිණිලි කරන ලෙස පවසා ඒ සඳහා අදාළ දැරියට රු. 10ක් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මේ වන විට ඇප ලබා සිටින අතර මෙම චෝදනාවේ සත්‍යාසත්‍යතාව අනාගතයේ හෙළිදරව් වනු ඇත. පසුගිය සමයේ මොහු වඩාත් ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට පත්ව තිබිණි.

මෙම මන්ත්‍රීවරයා ළමා අපචාරයක් කළ බව තහවුරු වුවහොත් ඒ සඳහා උපරිම දඬුවම් ලබා දිය යුතු අතර එය හුදු දේශපාලන කුමන්ත්‍රණයක් නම් ඊට සම්බන්ධ පිරිසට ද උපරිම දඬුවම් ලබා දිය යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *