රත්ගම පුද්ගල පැහැර ගැනීම් පරීක්ෂණ CIDයට! දකුණු පළාත් DIGට පොලිස් මූලස්ථානයට මාරුවක්!

February 17, 2019 at 6:28 am | by admin

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන තාවකාලික පදනම මත පොලිස් මුලස්ථානයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරයි.

රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 23 වැනි දා පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමත් සමඟ මෙම මාරුව සිදුකර තිබේ. පසුගිය සමයේ රවී විජේගුණවර්ධන පොලිස්පති ධුරය සඳහා ද යෝජනා වූ දක්ෂ නිලධාරියෙකි.

මේ අතර එම පැහැර ගැනිමට සම්බන්ධ බව කියන සුඛෝපභෝගි වෑන් රථය ද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අක්මිමන දී අත් අඩංගුවට ගෙන ඇත. අතුරුදන් වූ අයගේ පවුල්වල ඥාතීහු පොලිසිය මේ පැහැර ගැනීම පිළිබඳ පරීක්ෂණ යට ගැසීමට කටයුතු කරන බව දිගින් දිගටම චෝදනා කළහ. පසුගියදා අදාළ පුද්ගලයන් පොලිසිය විසින් මරා පුළුස්සා දැමූ බවට නිර්නාමික ලිපියක් ඥාතීන්ට ලැබී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *