රට පුරා නැවතත් කොවිඩ් පැතිරීමේ අවදානමක්…! පොලිසියේ කනින් රිංගා පළාත් සීමා පැන ජනතාව සවාරියේ…!

October 17, 2021 at 2:04 pm | by emanisa.lk

දිවයිනේ විවිධ ප්‍රදේශවල දේශීය සංචාරකයින් ඇල්ල සංචාරක කලාපයට පැමිණ ඇති ආකාරය අද (17) පෙරවරුවේ දක්නට ලැබුණි.

මෙම සති අන්තයේ සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණත් එලෙස පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් ජනතාව සංචාරක ස්ථාන වෙත පැමිණ තිබේ.

එහි පැමිණි බොහෝ දෙනෙකුගේ රථවාහන ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාතේ බව රථවාහන අංක තහඩුවල දැකගත හැකි විය. එමෙන්ම ඇතැමුන් මුහුණු ආවරණ හෝ නොපැළඳ කටයුතු කරන ආකාරය ද දක්නට ලැබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *