රට දුප්පත් වුණේ පළාත් සභා නිසයි…! රටට කිරි නැති වුණෙත් පළාත් සභා නිසයි..! – හිටපු මිල්කො සභාපති…

February 3, 2023 at 7:51 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව සැකසිය යුත්තේ රටේ ජනතාවගේ නිදහස සහ ආර්ථික සමෘද්ධිය ඉලක්ක කර මිස ඉන්දියාවේ සහ ඉන්දීය රූකඩ පාලකයන්ගේ අවශ්‍යතා අනුව නොවේ.

රටේ දුප්පත්කම මෙන්ම අකාර්‍යක්ෂමතාව ඇති වීමට පළාත් සභා ක්‍රමය බෙහෙවින්ම බලපා ඇති බව මිල්කො සමාගමේ සභාපති ලෙස කටයුතු කළ කාලයේ ද මට පැහැදිළිව දැකගත හැකි විය. උදාහරණයක් ලෙස රටේ කෘෂිකර්ම ඇමතිට සෘජු සම්බන්ධයක් නැති කෘෂිකර්මයකි පළාත් සභාහි ඇත්තේ. අපේ රටේ ව්‍යවස්ථාව සම්බන්ධ කතිකාවට රටේ ආර්ථික දියුණුව සඳහා අපේ ව්‍යවස්ථාව කෙබඳු විය යුතු ද යන්න අතිශයෙන් ආගන්තුකය. නමුත් එය අතිශයෙන් සහසම්බන්ධය.

අපට ජාති කුල මල භේද අමත කොට රටේ ආර්ථිකය නංවාලීමට උර දිය හැක්කේ කුමනාකාර ව්‍යවස්ථාවකින්දැයි යන කතිකාවට පණ දිය යුතුය. වෙනෙකක් තබා අද රටේ කිරි නැති වී ඇත්තේ ද මේ පළාත් සභා ක්‍රමය නිසාය. කිරි බිත්තර සඳහා ඇමතිවරයෙක් සිටිය ද ඇමතිට කළ හැකි කෙංගෙඩියක් නැත.

ලසන්ත වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *