රට ගොඩගන්න සූදානම්..! ජනාධිපති කාර්යාලයට ඩබල් ඇඳක්…!

December 10, 2022 at 9:29 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලය සඳහා ද්විත්ව ඇඳක් සහ ගණකම අඩියක් වන මෙට්ටයක් මිල දී ගත්තේ ඇයි දැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ප්‍රශ්න කරයි.

පෞද්ගලික ආයතනයක් මේ සඳහා වන මුදල ගෙවා ඇති බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ විවේක ගැනීමට කිසිවෙකු නොපැමිණෙන බවත් එහෙයින් ඇඳන් මෙට්ට මිලට ගෙන ඇත්තේ ඇයිදැයි කිසිවෙකු පුදුම විය හැකි බවත් බුද්ධික පතිරණ පෙන්වා දෙයි.

ඊයේ (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *