රටේ HIV ආසාදිතයින් දෙගුණ වෙයි…! භික්ෂූන් පාසල් සරසවි සිසුන් ඒ අතර..!

October 25, 2022 at 11:14 am | by emanisa.lk

එච්. අයි. වී. ආසාදිතයන් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව මේ වසරේ මේ වන විට දෙගුණයක් වී ඇති අතර අලුතින් හඳුනාගත් රෝගීන් අතර තරුණ ස්වාමින් වහන්සේලා ද සිටින බව අනාවරණය වී තිබේ. එමෙන් ම පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන් සැලකිය යුතු පිරිසක් ද ආසාදිතයන් අතර සිටිති.

එච්.අයි.වී. මෙන්ම වෙනත් ලිංගාශ්‍රිත රෝගවලට ලක්ව ඇත්තේ තරුණයන් වන අතර තරුණියන් සැලකිය යුතු ප්‍රතිශතයක් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි පැවසුවාය.

සම්බාහන මධ්‍යස්ථානවලට සහ මාර්ගගත කටයුතුවලට තරුණ තරුණියන් වැඩි වශයෙන් යොමු වීම මෙම ශීඝ්‍ර වර්ධනයට හේතුවක් යැයි සමීක්ෂණයක දී අනාවරණ වූ බවත් මෙම අවාසනාවන්ත ප්‍රවණතාව වෙනස් කළ යුතු බවත් අධ්‍යක්ෂවරිය කීවාය.

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ වේගයෙන් ආසාදිතයන් බවට පත්වන්නේ වයස අවුරුදු දහඅටත් තිහත් අතර තරුණ ප්‍රජාව බව ය. ඒඩ්ස් මර්දන වැඩසටහන මෙම සමීක්ෂණය කර ඇත්තේ පසුගිය වසරේ සහ මෙම වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලසීමාවේ දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *