රටේ ආර්ථිකය කඩා වැටුණේ මහ බැංකුව ස්වාධීන නැති නිසයි…! – සාලිය පීරිස්…

December 12, 2022 at 6:30 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතුවී ඇත්තේ මහ බැංකුවේ ස්වාධීනත්වය හීන වී දේශපාලනීකරණයවීම බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.

ඒ හේතුවෙන් රට ගොඩ නැගීමට නම් ජනතාවට සේවා ලබාදෙන රාජ්‍ය ආයතන සහ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කළ යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

වෘත්තීය සමිති හා බහුජන සංවිධන එකමුතුව විසින් සංවිධානය කළ කොළඹ පදනම් ආයතනයේ පැවැති ජාත්‍යන්තර මානව හිමිකම් දින සමරුමකට එක්වෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *