රටින් පැන්න නිශාන්ත කන්දප්පා ජිනීවාවලින් මතුවෙයි….! ශ්‍රී ලංකාවට හිර කරන්න කොටි, NGO කල්ලි එක්ක බරට ම වැඩ…!

March 10, 2021 at 7:48 am | by emanisa.lk

ශ්‍රී ලංකාවට එරෙහිව එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ කරුණු ඇතුළත් කර සංශෝධනය කළ යෝජනාවලිය මේ වන විට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ විවාදයට ගෙන තිබේ.

පොලීසියේ සේවය කරමින් සිට රටින් පැන ගොස් සිටින නිශාන්ත ද සිල්වා කන්දප්පා එල්ටීටීඊ හිතවාදී ඩයස් පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරමින් සිටින බව ජිනීවාවලින් වාර්තා වෙයි.

ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස පසුගිය යහපාලන ආණ්ඩු සමයේ කටයුතු කළේ ය.

කවර බලපෑම් හමුවේ වුවද ශ්‍රී ලංකාවට පක්ෂව සිටි රටවල් 21 ම තව දුරටත් අපට සහාය පළ කරමින් ඇතැයිද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *