රටක් ඇන්දූ සජිත්ගේ නිවාස බොරුව එළියට! නිවාස අධිකාරිය දේශපාලන ගොහොරුවක්! ගමක් හදන්න ලක්ෂ 100යි! විවෘත කරන උත්සවයට ලක්ෂ 125යි! සමරු ඵලකයට දෙලක්ෂ තිස්දාහයි! (video)

January 25, 2019 at 5:36 pm | by admin

ලංකාවේ කිසිම අවස්ථාවක ජනතාවට නිවාස ණය මිස නොමිලේ නිවාස ලබා නොදුන් බවත් නොමිලේ නිවාස ලබා දුන්නේ අනුෂා දමයන්ති වැනි අයට බවත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් මහතා සඳහන් කරයි.

ඔහු කව දුරටත් මෙසේ අදහස් දැක්වීය.

1979 සිට නිකුත් කළ නිවාස ණය ජනතාව තවමත් නිවාස අධිකාරියට ගෙවනවා. ඇතැම් ගම්මානවල නිවාස 25න් ජනතාව පදිංචි වී ඇත්තේ නිවාස 5ක පමණයි. සෙසු නිවාස ලබා දී ඇත්තේ නිවාස ඇති එක්සත් ජාතික පාක්ෂිකයන්ටයි. 2015 ජනවාරි 08 වෙනිදා වන විට ජාතික නිවාස අධිකාරියේ ස්ථිර කාර්යමණ්ඩලය 1387යි. එතැන් සිට මේ වන විට 4600ක් අලුතින් බඳවා ගෙන තියෙනවා. මේ සියලු දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අයයි.

2014 දෙසැම්බර් 31 හම්බන්තොට දිස්ත්‍රික් නිවාස අධිකාරයේ සේවක පිරිස 76යි. අද වන විට එහි සේවක පිරිස 1831යි. මේ සියලු දෙනාගේ රාජකාරිය සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන කටයුතුවල නිරත වීමයි.

පොළොන්නරුවේ සුගලාදේවී සහ ශ්‍රී සීලාලංකාර ගම්මාන විවෘත කළා. එක ගමක ගෙවල් 25යි. එක ගෙයකට ණය රු. ලක්ෂ 4යි. ගෙවල් 25ට ලක්ෂ 100යි. විවෘත කිරීමේ උත්සවයේ වියදම රු. ලක්ෂ 133යි. සමරු ඵලකයේ වියදම රු. දෙලක්ෂ තිස්හත්දාහයි.

ලොව පුරා ජනප්‍රියම නිවාස ක්‍රමය මහල් නිවාස ක්‍රමයයි. එහෙත් නිවාස අධිකාරිය පුංචි පුංචි ගෙවල් හදමින් රටේ භූමිය අහුරයි.

රජයේ සියලුම ආයතන මාර්තු 31 වන දින වන විට විගණන වාර්තාව රජයේ විගණකාධිපතිවරයාට යැවිය යුතු වුවද නිවාස අධිකාරිය පසුගිය වසර දෙක තුනේම එම වාර්තා ලබා දී නැහැ.

රජයේ විගණකාධිපතිවරයා ජාතික නිවාස අධිකාරයේ විගණනයක් කරන්නේ නම් මේ දූෂණ එකින් එක හෙළි වනු ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *