රජයේ සේවකයින්ට ලබන මාසේ පඩි ගෙවන්න සල්ලි නෑ…! – මුදල් ඇමැති…

May 8, 2022 at 11:58 am | by emanisa.lk

ආණ්ඩුවට ලබාගත හැකි ණය උපරිම සීමාවට ළඟා වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි සඳහන් කරයි.

ආණ්ඩුවට ණය ගත හැක්කේ ට්‍රිලියන 2.9 පමණක් බවත් ඒ සීමාව ට්‍රිලියන හතරක් දක්වා ඉහළ දැමිය යුතුව ඇති බවත් හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

එලෙස ණය සීමාව ඉහළ දැමීමට නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වුව ද මේ මොහොතේ එය කර ගැනීමට බැරි තත්ත්වයක ආණ්ඩුව සිටින බව ද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.

ණය සීමාව ඉහල දමා නොගතහොත් ලබන මාසයේ සිට රජයේ සේවකයින්ගේ පඩි ගෙවීමටවත් මුදල් නැති බව ද හෙතෙම සඳහන් කර ඇත.

මුදල් අමාත්‍ය අලි සබ්රි මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති හදිසි කැබිනට් රැස්වීමේදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *