රජයේ මුදලින් රජයට ම බදු ගෙවලා..! සේවක වැටුප් බදු රජයෙන් ගෙවීම නවතයි..!

January 10, 2023 at 9:03 am | by emanisa.lk

උපයන විට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එවැනි ක්‍රමවේද නතර කළ යුතු බව ද උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් ගෙවිය යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන, සංස්ථා එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කරන වැරදි ක්‍රමවේදයක් පවතින බව ද රාජ්‍ය ඇමැති සියඹලාපිටි වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *