රජයේ දේපළ කුණු කොල්ලයට නෑ හිතවතුන් බෙදා ගෙන! යහපාලනේ රට වැනසූ හැටි නම් ගම් එක්ක රටට හෙළි කරනවා! – මහින්දානන්ද

December 1, 2020 at 10:22 am | by emanisa.lk

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් කොළඹ ඩාර්ලි පාරේ ඇති වටිනා ඉඩමක් පෞද්ගලික ආයතන 8කට සහ රාජ්‍ය ආයකන 3 කට කුලියට දී තිබෙන්නේ වර්ග අඩියක් රුපියල් 13.67 ක මිලකට බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (30) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ ය.

මෙම ගිවිසුම් අවලංගු කර වර්ග අඩියකට රුපියල් 183.00 බැගින් අය කිරීමට තමන් තීරණය කළ බව කී ඇමැතිවරයා මේ ආකාරයට ජනවසමට අයත් දේපළ 150 ක ප්‍රමාණයක් රජයේ තක්සේරුවක් හෝ ටෙන්ඩර් කැඳවීමකින් තොරව පසුගිය රජය විසින් බදු දී ඇතැයිද කීය. එම දේපළ බදු දුන් අය කවුදැයි අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ කරන බවද කීවේය.

එමෙන්ම මෙගාවොට් දෙකක හයිඩ්‍රෝ ව්‍යාපෘතියක් සහිත නාවලපිටියේ තේ කම්හලක් ඇතුළු අක්කර 500 ක වත්තක්ද රුපියල් 8000 ක මාසික කුලියට ලබා දී තිබූ බව කී ඇමැතිවරයා මෙම ගිවිසුමද අවලංගු කළ බව කීය.

හිටපු වැවිලි කර්මාන්ත ඇමැතිවරයෙක් මහනුවර හන්තාන වත්තෙන් අක්කර 100 ක් ඔහුගේ බිරිඳට ලබා දී ඇතැයිද ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවැසුවේ ය.

රජයේ දේපළ මෙසේ අවභාවිතා කර පසුගිය ආණ්ඩුව පරාජය කරවීමට දායකවූ අය කවුරුන්ද යන්න ප්‍රසිද්ධ කරන ලෙස රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී (සජබ) හේෂා විතානගේ විසින් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *