රජයේ එන්නත්කරණ යාන්ත්‍රණය දුර්වලයි…! ජනතාව පාරේ රස්තියාදු නොකර එන්නත දෙන්න…! – තිස්ස විතාරණ…

June 3, 2021 at 1:48 pm | by emanisa.lk

ජනතාවට එන්නත් සැපයීමේ රජයේ යාන්ත්‍රණය දුර්වල බව මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

මෙම යාන්ත්‍රණය මීට වඩා ශක්තිමත් විය යුතු බව කී වෛරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකු වන මහාචාර්යවරයා එන්නත්කරණයේ දී ජනතාව රස්තියාදු කරනවාට වඩා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කොටස් වශයෙන් ජනතාව කැඳවා එන්නත ලබා දීම යහපත් බව ද අවධාරණය කළේ ය.

ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට හොඳ නිවාරණ අංශයක් පවතින හෙයින් එන්නත්කරණය සඳහා එහි සේවාව උපරිමයෙන් ලබා ගත හැකි බව ද එලෙස ලබා ගන්නා ආකාරයක් තවමත් පෙනෙන්නට නැති බව ද තිස්ස විතාරණ පැවැසීය.

වයස 60ට වැඩි අයට සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අයට එන්නත්කරණයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද පැවසූ මහාචාර්ය තිස්ස විතාරණ වයස 60ට වැඩි විශාල පිරිසක් එන්නත් ලබා ගැනීමට පෝලිම්වල රස්තියාදු වන ආකාරයක් අද පෙනෙන්නට තිබෙන බවද කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *