යාපනෙන් බෝම්බ ආර්.පී.ජී. ඇතුළු ආයුධ තොගයක් ගොඩගනී!

September 24, 2020 at 7:06 pm | by emanisa.lk

යාපනය, ඉලවාලී පොලිස් වසමේ ඉලවාලී උතුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් යුද සමයේ දී වළදමා තිබූ අත්බෝම්බය 02ක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයා ගෙන තිබේ.

අත්බෝම්බ 2කට අමතරව, ආර්. පී. ජී. 3ක්, ටී 56 මැගසින් 3ක්, පූවස් කට්ටල 3ක්‍, සයිනයිඩ් කරල් 2ක්, සහ ඇන්ටනාව සහිත සන්නිවේදන උපකරණ 3ක් සොයා ගෙන ඇත.

එම භාණ්ඩ ප්ලාස්ටික් බැරයක් තුළ වළ දමා තිබීය දී සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (23) යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුක් මත එම භාණ්ඩ සොයාගෙන තිබේ.

එම පුපුරණ ද්‍රව්‍ය එම ස්ථානයේදීම නිෂ්ක්‍රීය කර සන්නිවේදන උපකරණ වැඩිදුර විමර්ශන සඳහා ඉලවාලී පොලිස් ස්ථානය වෙත භාරදී  තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *