යහපාල ආණ්ඩුව පිහිටුවන්න සහාය ගන්න සහාරන් හමු වුණා! – ජයපාලන මැතිවරණ අපේක්ෂක පාපෝච්චාරණය කරයි…

September 12, 2020 at 6:15 pm | by emanisa.lk

2015 මහ මැතිවරණයට සතියකට පමණ පෙර පාස්කු බෝම්බ ප්‍රහාරක සහරාන් හෂීම්ගේ කාර්යාලයේ දී ඔහු මුණ ගැසුණු බව යහපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මැතිවරණ අපේක්ෂක මොහොමඩ් මුස්තාපා අබ්දුල් රහුමාන් පිළිගත්තේය.

ඔහු සමග මෙම හමුවට ගොස් ඇත්තේ නැඟෙනහිර පළාත් හිටපු මන්ත්‍රී සිබ්ලි ෆාරුක් ද සමගය. සහරාන් හෂීම් සමග ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඩ් ද මෙහි සිටියි.

විනාඩි 30ක් පමණ ඇදුණු මෙම හමුව දේශපාලන හමුවක් බව අබ්දුල් රහුමාන් අනාවරණය කළේය. රහුමාන්, රවූෆ් හකීම් නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ දී මෙම තොරතුරු හෙළිවී අවසන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස