මොන ආණ්ඩුව ආවත් IMF වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි…! – මහ බැංකු අධිපති…

December 19, 2023 at 9:38 am | by emanisa.lk

ඉදිරි මැතිවරණයකදී කුමන ආණ්ඩුවක් බලයට පත් වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකාව බංකොළොත් බවට කිසිදු ප්‍රකාශයක් නොකළ බව ද රට වැටී තිබූ අසීරු අවස්ථාවේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් සිදු කළ බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

රට ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වූ අවස්ථාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට නොහැකි වූයේ නම්, අර්බුදය තවත් තීව්‍ර වන බව මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

පසුගියදා මහ බැංකු මූලස්ථානයේ පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *