මෛත්‍රීගේ මල්ලිගේ රු. කෝටියක මුද්දක් සහ ඩොලර් 5000ක් හොරකම් කරලා..!

May 30, 2023 at 10:17 am | by emanisa.lk

රුපියල් කෝටියකට අධික වටිනා පවුම් 6 ක් බරැති රන් මුද්දක් හා මුදලින් අමෙරිකන් ඩොලර් පන්දහක් සහ රුපියල් ලක්ෂයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේගේ සහෝදරයකු වූ චමින්ද සිරිසේන පැමිණිල්ලක් කළ බව පොළොන්නරුව පොලීසිය පවසයි.

පොළොන්නරුව, ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී නිල් මැණික් ඔබ්බන ලද මුදුව සහ මුදල් සොරකම් කර ඇති බවටයි, අදාළ පැමිණිල්ල සිදුකර ඇත්තේ.

පවුම් හයක මුද්ද සහ මුදල් කවුරුන් සොරකම් කළේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *