මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති! පසුපෙළ සිට ආණ්ඩුව රකින්නට ප්‍රතිඥා දෙති!

June 3, 2019 at 6:03 pm | by admin

ආණ්ඩුව නියෝජනය කරනු ලබන මුස්ලිම් කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

අමාත්‍ය කබීර් හෂීම් මේ බව ප්‍රකාශ කර සිටියේ අරලියගහ මන්දිරියේදී දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම්, එම්.එච්. අබ්දුල් හලීම්, ඒ.එච්.එම්.ෆවුසි, කබීර් හෂීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ බව ප්‍රකාශ කර සිටියහ. කෙසේ වුවද පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ආණ්ඩුව ආරක්ෂා කරන බව ද ඔවුහු පැවසූහ.

ඒ අනුව ඉල්ලා අස්වූ ඇමති පිරිස මෙසේය.

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍වික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස