ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ.
එම මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරන බව ද තම නීතිඥයන් මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබේ.
වැලිකන්ද ප්‍රදේශයේ අක්කර 2000 ක ඉඩමක් ආණ්ඩුවෙන් මුරලිදරන්ට ලබා දී ඇතැයි ෆොන්සේකා විසින් සිදුකරන ලද ප්‍රකාශය අළලා මෙම මෙම එන්තරවාසිය යවා තිබේ.
සමගි ජන බලවේග පළමු සංවත්සර සමුළුව අමතමින් සමගි ජන බලවේග සභාපතිවරයා මේ ප්‍රකාශය කළේ ය.