මුතුරාජා රැගෙන යාම NGO පොරයක ප්‍රතිඵලයක්..! මේ ගහන්නේ පෙරහැර කරවන ඇත් පන්තියට…! – මුතූට ප්‍රතිකාර කළ පශු වෛද්‍යවරයා…

July 6, 2023 at 11:55 am | by emanisa.lk

මුතුරාජා හස්තියා තායිලන්තයට රැගෙන යාම මුදල් වෙනුවෙන් සිදුකළ NGO පොරයක ප්‍රතිඵලය බව එම ඇතාට ප්‍රතිකාර කළ පශු වෛද්‍ය ශෝභාත් විජේරත්න පවසයි.

මුතු රාජා තායිලන්තයට රැගෙන ගියේ අදාළ ව්‍යායාම කොට සුවපත් වූ පසු නැවත ලබා දීමේ පොරොන්දුව මත බවයි, ඔහු අවධාරණය කළේ. වෛද්‍ය විජේරත්න සඳහන් කළේ, ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර ලංකාවේ නොමැති බවයි.

මේ වන විට පෙරහැරවල ගමන් කරන ප්‍රධාන ඇත් පන්තියට පහර දීමේ දෙවන පියවර ආරම්භ වී ඇති බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මුතු රාජාට ප්‍රතිකාර කිරීම සඳහා තායිලන්තයෙන් පැමිණි පශු වෛද්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ මුතු රාජා ලංකාවෙන් රැගෙන යන විට සැරව ගෙඩි 90%ක් පමණ සුවපත්ව පැවැති බවයි. එසේ ම යටි පතුල් හෝ වලිගයේ හෝ කිසිදු තුවාලයක් නොතිබූ බවත් ඒ පිළිබඳ දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ට ප්‍රණාමය පුද කරන බවත් ඔහු එහි දී වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *