මිරිහානේ බසයට ගිනි තැබූ සැකකරු අත්අඩංගුවට…!

May 19, 2022 at 9:13 pm | by emanisa.lk

ඉකුත් මාර්තු 31 වනදා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ආසන්න මාර්ගයේ දී පැවැති විරෝධතාවක් අතර බස් රථයකට ගිනි තැබූ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුව අද (19) දින අත්අඩංගුවට ගෙන තිබුණේ දැරණියගල ප්‍රදේශයේදීය.

පොලීසිය සඳහන් කළේ 42 හැවිරිදි සැකකරු ගංගොඩවිල, විජේරාම ප්‍රදේශයේ පුද්ගලික මෝටර් රථ අමතර කොටස් ආයතනයක සේවය කරන පුද්ගලයෙකු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *