මිනිස් ජාවාරම්කාර මාලිමා අපේක්ෂකයා අත්අඩංගුවට…!

March 10, 2023 at 8:53 am | by emanisa.lk

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඊයේ (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අතර දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මගහරිමින් සිටියේය.

ඔහු ඊයේ (09) නීතිඥයෙක් මාර්ගයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරවී තිබූ අතර ඉන් පසු ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *