මිනිස්සු මැරෙද්දි රට සවාරි ගියා….! රෙදි ඇඳගෙන ද ඉන්නේ….! – කාදිනල් හිමිගෙන් මෛත්‍රීට දැඩි විරෝධය….

April 4, 2021 at 2:19 pm | by emanisa.lk

ඡන්දය ඉල්ලීම සඳහා නැවත පැමිණෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ ඇඳුම් ඇඳගෙන දැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා විමසයි.

අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවැති පාස්කු ඉරුදින දේවමෙහෙයට පසු කාදිනල් හිමි මෙම ප්‍රකාශය කළේ ය.

“මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලනවා රජයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්නට පත්කරපු කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න කියලා. අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා.

අපේ හිටපු ජනාධිපතිතුමා ඡන්දෙ ඉල්ලනවායි කියලා කතාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙන ද මේ කතාව කියන්නේ කියලා. මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා දාලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දෙ ඉල්ලන්නේ ආයෙත් සැරයක්. කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ.

කොමිෂන් සභා වාර්තාවේ එතුමා වරදකරුවෙකු හැටියට හඳුන්වලා තියෙනවා. එහෙම නම් එතුමාට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ගය නීතිමය වශයෙන් ගන්නට තවත් පරක්කු කරන්න අවශ්‍ය නෑ. තමන්ගේ අතේ වැරදි තියාගෙන අත් හෝදගන්න යන පිලාත්ලා වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයින්ට කියනවා. ගෙදර ගිහින් වැඩක් බලා ගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *