මැකෝ මහණ කරලා ලෝකේ වටේ යවන්න මරු!

January 30, 2019 at 1:58 am | by admin

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත කාලවකවානුව වන විට ඉල්ලා අස්වීම මගින් පළාත් සභා මැතිවරණය පමණක් නොව ජනාධිපතිවරණය ද අහිමි කිරීමට සැලසුම් කරන්නේ යැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ චෝදනා කරති.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පැවසූහ.

“සභාපතිවරයාගේ කතාවෙන් ඉඟි දෙකක් දෙනවා. එතුමා කියනවා ජනාධිපතිවරණය වෙලාවට ඉල්ලා අස්වෙලා මට ඒකත් නැති කරන්න පුළුවන්. ඊට පස්සේ සභාපතිලා කොමිසන් පත් කරලා ජනාධිපතිවරණය තියන්න තව කාලයක් යනවා. ප්‍රශ්නය ඔඩු දුවලා පුපුරන්න ආසන්න වෙනකොට එක තැනකින් හිල් කරලා සැරව ඉවත් කළාම සහනයක් ලැබෙනවා. ඒ විදිහට මිනිස්සු සංසිඳුවන්නයි මේ හදන්නේ.”

යටගිය දවස වීරයෙක් මෙන් ඇයි දණ හිසට පහළින් වෙඩි තියන්නේ, ඔළුවටම තියන්න කියපු මහත්තයා ඊයේ වෙද්දි මම ඉල්ලා අස්වෙනවා කියන තැනට අසරණ වෙලා යැයි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.

“හරියට නම් ඒ මහත්වරු මේ වෙද්දිත් ගෙදර ඉන්න ඕන. මහින්ද දේශප්‍රිය මහත්තයෝ ඔබතුමා හෙට ඉල්ලා අස්වෙන්න, මම අනිත්දා ඔබතුමා මහණ කරනවා. ඔබතුමා වගේ හොඳට කතා කරන්න පුළුවන් ගෝලයෙක් ඉන්නවා නම් මම කැමතියි. ත්‍රිපිටකය උගන්වලා ලෝකේ වටේ යවනවා.!”

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *