මැකෝ ඉවත් වෙන්න නෙමේ ඩියුටිය කරන්න!

January 30, 2019 at 1:29 am | by admin

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් අස්වීම විසඳුම නොවන බවත් වැදගත් වන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීම බවත් හිටපු ජනාධිපති, විපක්‍ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති ලෙස මැතිවරණයක් ලබාදීම ඔහුගේ ක‍්‍රියාදාමය බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය අලුත් ක‍්‍රමයට පැවැත්වීමට නොහැකි නම් පැරණි ක‍්‍රමයට පැවැත්විය හැකි බවත්, එය වැරදි නම් අධිකරණයට නැවැත්විය හැකි බවත් විපක්‍ෂ නායකවරයා පැවැසීය.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීමට නොහැකි වුවහොත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා එසේ කියා සිටියේය.

ආණ්ඩුව මැතිවරණවලට බිය නිසා පළාත් සභා මැතිවරණය දිගින් දිගට කල්දමමින් සිටින බවත් විපක්‍ෂනායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර අමාත්‍ය සුජීව සේනසිංහ පවසන්නේ මහින්ද දේශප්‍රියට ඕන නම් ඉල්ලා අස්විය හැකි බවත් ආණ්ඩුව තමන්ගේ නිසා තමන් කිසිවකුට උවමනා ආකාරයට වැඩ කිරීමට සූදානම් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *