මා හමු වන්න පැත්ත පළාතේ එන්න එපා! බදියුදීන්ගේ ඉල්ලීම කාදිනල් හිමි ඉවත දමයි…

October 14, 2020 at 9:12 pm | by emanisa.lk

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මුණ ගැසීමට කරන ලද ඉල්ලීමක් එහිමියන් විසින් තරයේ ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මේ වන විට අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් සොයමින් සිටියි. නීතියෙන් බේරීම සඳහා ඔහු ආණ්ඩුවට එකතු වීමට ගත් සියලු උත්සාහයන් ද මේ වන විට ව්‍යවර්ථ වී තිබෙන බවද දැනගන්නට තිබේ.

“අපගේ ස්ථානයට ඔබ පැමිණෙන්න එපා” යැයි දන්වමින් කාදිනල්තුමා රිෂාඩ් බදියුදීන්ට වෙත පණිවිඩකරුවෙකු මගින් දැනුම් දී තිබේ.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන ලද බවට රිෂාඩ් බදියුදීන්ට හා ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන්ට චෝදනා එල්ල වී තිබේ.

එම චෝදනා මත රියාජ් බදියුදීන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් මාස 5 1/2 කාලයක් රඳවාගෙන සිටි අතර හිටිහැටියේ ම ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වේ. එම නිදහස් කිරීම සම්බන්ධයෙන් අගරදගුරු හිමි විසින් සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේම පළ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *