මාස හයක් තිස්සේ පුරාවිද්‍යා මුල් පුටුව හිස්…! උරුමය එක්ක උරුමය රකින තැනත් වළපල්ලට..!

December 10, 2023 at 9:41 am | by emanisa.lk

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනට මාස පහකට වඩා වැඩි කාලයක සිට අධ්‍යක්ෂක ජනරාල්රවරයකු නොමැති බව පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ, වසර 133 ක දීර්ඝ ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවී තිබීම ජාතියේම අභාග්‍යයක් බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නැත්තටම නැතිකර දැමීමට පාලකයන් කටයුතු කරන බවත් අධ්‍යක්ෂ වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් නොමැති ව ජුනි 15දා සිට මේ දක්වා වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තිදෙනකු වැඩ කටයුතු කර ඇතැයිද සමිත හිමියෝ කීහ.

උන් වහන්සේ මේ බව සඳහන් කළේ බටලීය පුරාවස්තු සුරකීමේ සංවිධානයේ ප්‍රධාන කාර්යලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

මේ අතර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවා ඇති බවත්
එහි සඳහන් ආකාරයට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර බලපැවැත්වෙන්නේ වසර 2කට පමණ් බවත් එහිමියෝ කීහ.

ඉතිහාසයේ මෙවැනි සිදුවීමක් පෙර සිදු නොවී තිබූ අතර ඔවුනට අවශ්‍ය කෙනකු මේ තනතුරට පත්කර ගැනීමට මේ ආකාරයට කටයුතු කිරීම අතිශය පිළිකුල් සහගත බව ද උඩස්ගිරියේ සමිත හිමියෝ වැඩි දුරටත් පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *