මාවුස්සාකැලේ දූපතකට හෝටලයක්…! අයෝජනය ඩොලර් මිලියන 25ක්…!

June 27, 2023 at 11:51 am | by emanisa.lk

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් LLC ආයතනය විසින් පූර්ණ වශයෙන් සෘජු විදේශ ආයෝජනයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 25 ක් යෙදවීමෙන් හෝටල් පරිශ්‍රයයක් ඉදිකිරීමට ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ලංකා විදුලිබල මණ්ඩලය භාරයේ පවතින, මාවුස්සාකැලේ ජලාශයට යාබද ඉඩම් කොටසක් සහ එකී ජලාශයේ පිහිටි කුඩා දිවයිනක් දිගුකාලීන බදු පදනම මත ලබා ගැනීමට සැලසුම් කර ඇත.

ඒ අනුව අදාළ ආයතනවල ඒකඟතාව ලබා ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස එකී සමාගම වෙත එම ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත ලබා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *