මාලිමාව රාජගිරිය වටලයි..! අනුර ලාල් විජිත මග අරී…!

June 8, 2023 at 5:46 pm | by emanisa.lk

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවක් අද හවස රාජගිරිය මැතිවරණ කාර්යාලය අසල පැවැත්විණි.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) එම නියෝගය නිකුත් කර ඇත.

ටිල්වින් සිල්වා, සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස විරෝධතාව සඳහා එකතු වුව ද අනුර දිසානායක, කේ.ඩී. ලාල්කාන්ත, විජිත හේරත්, බිමල් රත්නායක ආදි ප්‍රබලයින් මෙම විරෝධතාවට එකතු වී සිටිනු දක්නට නොලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *