මාලිමාව තරම් පාලකයා බියට පත් කළ බලවේගයක් ලොවෙත් නෑ…! – හරිනි අමරසූරිය…

February 1, 2024 at 10:34 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ කාන්තාවන් තරම් පාලකයා බියට පත්කර සෙලවූ බලවේගයක් ලෝක ඉතිහාසයේවත් මෙතෙක් මතු වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ජනතාවට ජීවත්වීමේ අයිතිය පවා ඇහිරූ නරුම පාලකයන් පලවා හැරීමෙන් මිස එක අඩියක් හෝ ආපස්සට නොගන්නා බව ද ඇය අවධාරණය කළා ය.

“ජීවත්වීමේ අරගලයට මේ තීරණය ගන්න අම්මා, තාත්තා කෙනෙකුට මොන තරම් අමාරු ද? දරුවන්ගේ අධ්‍යාපනය පැත්තක තියලා සෞඛ්‍යයට වියදම් කරන්න සිදුවී තිබෙනවා. ආහාර, බෙහෙත්, අධ්‍යාපනය, ප්‍රවාහනය කියන අතිශයින් ම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් අපේ ගරුත්වයටත් හානි වන තීරණ ගන්න සිදුවී තිබෙනවා.

මෙවැනි තත්ත්වයකට ගැහැනුන්ව පත්කළ නරුම පාලකයන්ට අපේ ප්‍රශ්නය තේරුම් ගන්නවත් හැකියාවක් නැහැ. අපි යෝජනා කරන පරිවර්තනය තුළ බොහෝ දේ තිබෙනවා. එයින් එකක් තමයි ගැහැනුන් දිහා බලන විදිහ සහ ආකල්ප වෙනස් කිරීම.

අපේ සමාජය තුළ අපි ගන්නා තීන්දු තීරණ සියල්ල ම දැඩි පරීක්ෂාවට ලක්වෙනවා. දරුවෙකුට වැරදුණොත්, සැමියා අකටයුත්තක් කළොත් ඒකටත් වගකියන්න සිදුවී තිබෙන්නේ බිරියට, මවට. මේ රටේ පෝෂණය කඩා වැටීමට, අනාරක්ෂිතභාවයට හේතුව දරුවන්ට හරියට කන්න දෙන්න අම්මලා දන්නේ නැති එක බව පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයෙක් කීවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *