මාලිමාවේ ජනාධිපති අපේක්ෂකත්වයට සුදුස්සා අනුර…! – හරිනි…

August 28, 2023 at 11:16 am | by emanisa.lk

ජනාධිපතිවරණයක් තවමත් ප්‍රකාශ කර නොමැති හෙයින් ජාතික ජන බලවේගය තවමත් නිල වශයෙන් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගෙන නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

මන්ත්‍රීවරිය මේ බව ප්‍රකාශ කර ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“එහෙම විය යුතු නැහැ කියලා මම කියන්නේ. එකක් මම සතුටු වෙනවා ජාතික ජන බලවේගය ගැන දැන් අවුරුදු තුනකට ඉස්සෙල්ලා ඡන්දයක් දිනනවා තියා මැතිවරණයකට ඉදිරිපත් කරන්න එක්කෙනෙක්වත් ඉන්නව ද කියලනෙ කතා වුණේ.

දැන් මේ කතා වෙන්නේ හරිනිද? අනුරද? අරයද? මෙයාද? ලොකු සාකච්ඡාවක් යනවා. ඒකෙන් පෙන්නුම් කරනවා අපි ඇවිල්ලා තියෙන තැන. ඒක ගැන මම සතුටුයි. ඒකෙන් පෙන්වනවා අපේ බලය, අපේ නායකත්වය, අපේ සූදානම සහ අපේ හැකියාව. ඒක ගැන අපි සතුටු වෙනවා. ජාතික ජන බලවේගය හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. මොකද ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්වෙලත් නැහැ.

මම හිතනවා ඒකට සුදුසු ම නායකයා අපි තුළ ඉන්නවා. දැනටමත් ඉන්නවා. අනුර සහෝදරයා, ඔහු පෙන්නුම් කරලා තියෙනවා ඔහුට ඒ නායකත්ව හැකියාව සහ ඒකට සුදුසුකම් තියෙනවා කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *