මාර්තු 01 වර්ජනයට එරෙහිව ජනපති දැඩි මතයක..! වරාය ගුවන් තොටුපළ ප්‍රවාහන අත්‍යවශ්‍ය සේවා වෙයි..!

February 28, 2023 at 7:41 am | by emanisa.lk

වරාය, ගුවන් තොටුපොළ සහ මගී ප්‍රවාහන සේවා ආශ්‍රිත සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, මගීන් හෝ භාණ්ඩ පිටකිරීම්, මැදිරි, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ආහාර පාන භාණ්ඩ හෝ ගල් අඟුරු, තෙල්, ඉන්ධන ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ඉවත් කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවයි.

මාර්ග, පාලම්, බෝක්කු, ගුවන් තොටුපොළ, වරාය සහ දුම්රිය මාර්ග ඇතුළු මාර්ග, දුම්රිය හෝ ගුවන් මගීන් ප්‍රවාහන සේවා සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම, වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා ලෙස අර්ථ දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම නිවේදනය නිකුත් කළේ ය.\

මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මාර්තු 1 වැනිදා දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර ඇති පසුබිමකය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *