මාර්තුවලට කලින් ඡන්දයක් නොතිබ්බොත් රට ලේ විලක් වෙයි…! – කිරිඇල්ල…

October 13, 2022 at 11:51 am | by emanisa.lk

මාර්තු මාසයට පෙර මැතිවරණයක් නොපැවැත්වුවහොත් රට ලේ විලක් බවට පත්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

එබැවින් කුමන ක්‍රමයකට හෝ මැතිවරණයක් පවත්වා ජනතා අභිලාෂයට ඉඩ දිය යුතු බවත් කිරිඇල්ල අවධාරණය කළේය.

විපක්ශ නායක සජිත් ප්‍රේමදාස සමගින් මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරය වෙත පැමිණ, අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.

පලාත් පාලන මැතිවරණ ක්‍රමය සකස් කිරීමට වර්තමාන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුල් වූ බැවින් එක්වරම එම මැතිවරණ ක්‍රමය ආණ්ඩුවට සුදුසු නොවුයේ කුමන හේතුවක් මතදැයි ප්‍රශ්න කර සිටින බවත් හෙතෙම පැවසීය.

එමෙන්ම සමගි ජන බලවේගය කාන්තා නියොජනය අඩු කිරීමට විරුද්ධව කටයුතු කරන බවත් ඔහු තව දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *