දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු වාර්තා කිරීමට මාධ්‍යවේදීන් සහභාගීවිම වළක්වමින් ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න චක්‍රල්ඛයක් නිකුත් කර ඇත.
මෙම රැස්වීම්වල කරුණු වාර්තා කිරිමට මාධ්‍යවේදීන්ට අවශ්‍ය නම් ඒ සඳහා අදාළ දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීම අවසානයේ එම කමිටුවල සභාපතිවරයා හා මහජන නියෝජිතයින් සමග වෙන වෙනම සාකච්ඡා පැවැත්විය හැකි යැයි එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු පැවැත්විම පිළිබඳ මාර්ගෝපදේශ සැපයීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි මාධ්‍යයට කරුණු වාර්තා කිරීම යන තේමාව යටතේ ඉහත උපදෙස ලබාදී තිබේ.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් නොමැති බව ය.