මාධ්‍ය සාකච්ඡාවල නොව පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වනු…! – පොහොට්ටු ලේකම්ගෙන් ගම්මන්පිලට අභියෝගයක්…

April 26, 2022 at 8:03 am | by emanisa.lk

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇත යන පදනමින් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණුු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

වර්තමාන අගමැතිවරයාට බහුතරය නැතැයි යමෙක් පවසයි නම් ඔහු එය පාර්ලිමේන්තුවේ තහවුරු කළ යුතු බවයි, මහ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

එසේ නොමැතිව අගමැතිවරයා සිය බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් යමෙක් තමන්ට බහුතරය නැතැයි පාර්ලිමේන්තුවෙි තහවුරු කළහොත් ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව අගමැතිවරයා දැනටමත් පවසා ඇති බවත් සාගර කාරියවසම් සඳහන් කරයි.

අගමැතිවරයාට බහුතරය නැතැයි පවසන පිරිස මාධ්‍ය සාකච්ඡාවල මිස පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට කටයුතු නොකිරීම ඒ සඳහා ඇති ගැටලුව බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *