මාදිවෙල දෙමහල් මන්ත්‍රී නිවසක කුළිය රු. 1000යි…! නිවාස නඩත්තුවට කුළිට මෙන් කිහිප ගුණයක වියදමක්…!

February 25, 2023 at 7:21 pm | by emanisa.lk

මාදිවෙල පිහිටි මන්ත්‍රි නිවාස සංකීර්ණයේ මාසික කුලිය රුපියල් දහසක් බව වාර්තා වෙයි. එම කුලී ගාස්තුව වසර විස්සකින් පමණ සංශෝධනය කර නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

1994 වසරේ දී ඉදි කළ මෙම නිවාසයක රුපියල් පන්සියයක්ව පැවැති කුලිය ඉවත්කර වසර දහයකට පසු එනම් 2004 වසරේ දී රුපියල් දහස දක්වා වැඩි කර ඇත.

එමෙන්ම මන්ත්‍රි ධුරය අහෝසි වීමෙන් පසු ඉන් ඉවත් නොවන මන්ත්‍රිවරුන්ගෙන් අය කෙරෙන දෛනික දඩය ද රුපියල් පන්සියයක් තරම් අවම මට්ටමක පවතින බවත් එම ආරංචිමාර්ග කීවේය.

මෙම කුලී ගාස්තු සහ දඩ මුදල් වැඩි කළ යුතු බවට පාර්ලිමේන්තුවේ ගෘහ්‍ය කාරක සභාවට වරින් වර ඉදිරිපත් කෙරෙන යෝජනා මේ දක්වා අනුමත කර නොමැත.

කෙසේ වුව ද නිවාස පරිශ්‍රයේ නඩත්තු කටයුතු සඳහා නිවාස කුළියට වඩා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇතැයිද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

කාමර තුනකින් යුත් මෙම නිවාසයක් මහල් දෙකකින් සමන්විත අතර මන්ත්‍රිවරුන් සඳහා නිවාස එකසිය එකොළහක් වෙන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *