මහ මොළකරු සලේ නෙමෙයි..! සලේ ඉත්තෙක් විතරයි…!

September 12, 2023 at 8:45 am | by emanisa.lk

චැනල් ෆෝ නාලිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ වීඩියෝ නිෂ්පාදනය කරන්නේ මාධ්‍යවේදී සමන් කුමාර රාමවික්‍රම විකුණන ලද වීඩියෝවලින් බව හිටපු හමුදා නිලධාරී කීර්ති රත්නායක හෙළි කරයි.

ඒ නිසා මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ සමන් කුමාර රාමවික්‍රම බව ද පාස්කු ප‍්‍රහාරයේ මහමොළකරු බුද්ධි නිලධාරී සලේ නොව තවත් එක් ඉත්තෙක් පමණක් බව ද ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ ඉන්දියනු හා සිංගප්පුරු බුද්ධි අංශ බව ද ඔහු පෙන්වා දෙයි.

ප්‍රහාරයෙන් මියගිය විදේශිකයන්ගේ පවුල්වල අය එකතු වී මෙම ප්‍රහාරයට සම්බන්ධ අය පවුල් පිටින් විනාශ කරන රහස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස