මහ බැංකුව ස්වාධීන කළේ හිතුමතේ නිලධාරීන්ගේ පඩි වැඩ කරගන්න නෙමෙයි…! – ඇමැති නිමල් සිරිපාල..

February 22, 2024 at 9:27 am | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් බවට පත්කර ඇත්තේ ගනු ලබන තීන්දු ස්වාධීන කිරීමට මිස මූල්‍ය පාලනය ද ස්වාධීන කර ගනිමින් හිතුමතේ වැටුප් වැඩිකර ගැනීමට නොවන බව වාරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

“මහ බැංකුව විසින් ඒ හැන්ද තිබෙන අය තමන්ට බෙදාගැනීමට ගන්නා ලද ඒ ක්‍රියාමාර්ගය වැරදි බව මා ප්‍රකාශ කරනවා. මේ රටේ මූල්‍ය පාලනය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ආයතනයක් ස්වාධීනයි කියලා මේ රටේ සල්ලි සහ උපයන මුදල් ඒ ආයතනවලට හිමි වෙන්නේ නෑ.

ඒවා හිමිවෙන්නේ මේ රටේ ජනතාවට. අපි හැමෝම එකතුවෙලා මේවා ස්වාධීන ආයතන බවට පත් කළා. ඒ ආයතන ස්වාධීන කළේ ඒ අය ගන්නා තීන්දු ස්වාධීන කරන්න මිසක් මූල්‍ය පාලනය ස්වාධීන කරන්න නොවෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *