මහින්ද රටට යමක් කළා නම් ඒ කීර්තියත් අරන් පැන්ෂන් යනු…! – මහැදුරු චන්න ජයසුමන….

February 25, 2023 at 12:35 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය ධුරය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂට ලබාදීමේ සැලසුමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවය.

“අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙළක් යනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.”

දිනේෂ් ගුණවර්ධන අයින් කරලා මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙළක් තියෙනවා කියලා.

අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.

මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ. එතුමා රට වෙනුවෙන් කරපු යමක් තිබේ නම් ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න ඒක හේතුවක් වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *