මහින්දට පසු ශ්‍රීලනිපයේ වගේම පොහොට්ටුවෙත් ජ්‍යෙෂ්ඨයා මමයි! ජනාධිපති අපේක්ෂකත්වය රාජපක්ෂ පවුලට නෙමේ ජ්‍යෙෂ්ඨයාට ලැබෙන්න ඕන! – කුමාර වෙල්ගම

April 21, 2019 at 8:28 am | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ද මහින්ද රාජපක්ෂට පසු ජ්‍යෙෂ්ඨයා වන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

මහින්දට බැරි නිසා මල්ලිට, ඒ මල්ලිට බැරි නම් අනිත් මල්ලිට, ඒ මල්ලිටත් බැරි නම් අයියාට, අයියාට බැරි නම් නෝනාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට රාජපක්ෂ පවුල එංගලන්ත රජ පවුල නොවන බව ද මන්ත්‍රීවරයා පවසයි.

ජනාධිපතිවරණයේ දී මුළු රටම එක් ඡන්ද කොට්ඨාශයක් වන බවත් බහුතරය ඇති පමණින් ජයග්‍රහණය කළ නොහැකි බවත් ඒ සඳහා හොඳ අපේක්ෂකයකු උවමනා බවත් හෙතෙම අවධාරණය කරයි.

තමා ජනාධිපති ධුරයට පත් වුවහොත් මාස හයෙන් ජනාධිපති ධුරය අහෝසි කරන බව ද මන්ත්‍රීවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස