මහනාහිමිවරුන්ගේ ඉල්ලීමට පයින් ගසයි..! මිහින්තලේ පුදබිමෙන් හමුදාව ඉවත් කරයි..! විහාරස්ථානයේ පුරාවස්තු මහා අනතුරක…!

February 3, 2023 at 3:28 pm | by emanisa.lk

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් වැඩවල නියැලුණ හා ආරක්ෂාව සඳහා යොදවා තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්, යුධ හමුදා සෙබළුන් කිසිදු දැනුම් දීමකින් තොරව ඉවත් කර ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

ඓතිහාසික මිහින්තලා පුදබිමේ ඉදිකිරීම් සඳහා යොදවා තිබුණේ යුද හා නාවික හමුදාව ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික පිරිසකි.

කිසිදු දැනුම් දැනුම් දීමකින් තොරව මෙම සෙබළුන් ඉවත් කිරීම නිසා විහාරස්ථානයේ ආරක්ෂාව පිළිබඳව පැන නැගෙනුයේ විශාල ගැටළුවක් බව නා හිමියෝ අවධාරණය කරති. මෙසේ සිදු වීමට හේතුව ජාතික හෝ ජාත්‍යන්තර මැදිහත්වීමක් දැයි උන්වහන්සේ කරුණු විමසයි.

මිහින්තලා පුද බිමේ පිහිටි ධාතු මන්දිරයේ ඉදිරි දොරටුව ගලවා ඉවත් කිරීමෙන් පසු, එහි සේවය කළ සෙබළුන් ඉවත් වීම නිසා, මහ රහතන් වහන්සේලාගේ ධාතුන්, භෂ්මාවශේෂ, රනින් නිම කරන ලද සතර වරම් දෙවියන්ගේ ප්‍රතිමා, පෙරදා මිහිඳු මහරහතන් වහන්සේ පුද පූජා පැවැත් වූ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාව, කිලෝ සියයකට අධික බරකින් යුත් පස් ලෝ ප්‍රතිමා කිහිපයක ද ආරක්ෂාව නැති වී ඇති බව නා හිමියෝ අවධාරණය කරති.

මෙම විහාරස්ථානයෙන් එකතු වෙන මුදල්වලට අමතරව දෙස්- විදෙස් ධානපතියන්ගෙන් ලැබෙන මුදල් එකතු කර අනාගත පරපුර වෙනුවෙන් ඉදි කරනු ලබන මෙම සිද්ධස්ථාන හිටි හැටියේ කඩා කප්පල් කිරීමට ගන්නා ලද තීරණය පිළිබඳව රටවාසීන් දැනගත දැන ගත යුතුව ඇතැයි උන්වහන්සේ කියති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *